අතීත ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේහි
ලා දායක වූ විවිධාකාර ක්‍රමවේදයන් අතර වෙළඳාම යන සාධකයට හිමි වනුයේ සුවිශේෂිත
ස්ථානයකි. මුල් ඓතිහාසික යුගයටත් පෙර කාලයේ පවා ලක් වැසියන් වෙළඳ කටයුතුවල යෙදුණු
බවට හඳුනාගත හැකි විවිධ පුරාවිද්‍යාත්මක සාධක වත්මනෙහි හමුවී ඇත. ඒ අනුව මුල්
සමයන්හි පටන් වෙළඳාම යන ක්‍රියාවලිය ලක්දිව ජනප්‍රිය මුදල් ඉපයීමේ ක්‍රමවේදයක් ලෙස
පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මුල් කාලයෙන් අනතුරුව ලක්දිව ලිඛිත ඉතිහාසයක්
ගොඩනැඟිය හැකි රාජධානි බිහි වූ යුගයේ දී වෙළඳාම ලාංකීය සමාජය තුළ ඉතා ඉහළ මට්ටමේ
ආර්ථික ක්‍රමවේදයක් ලෙස පවති බව පැරණි වංශකතා මඟින් පමණක් නොව අනෙකුත් සාහිත්‍යමය
මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ගෙන් ද හඳුනාගැනීමේ හැකියාව ඇත. ඒ අනුව
අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන් වෙළඳාම ජනප්‍රියව පැවති බව කිව හැකි අතර රටේ රජුගේ
පටන් ප්‍රභූ පන්තිය හා සාමාන්‍ය ජනයා ද එක්සේ වෙළඳාමට නැඹුරුව සිටි බවට සාක්ෂ්‍ය
සුලභව හමුවේ. පළමුවරට මෙරට වෙළඳ කටයුතු පිළිබඳව සඳහන් කොට ඇති මූලාශ්‍රය වනුයේ
දීපවංශය බව කියවේ. ඊට අමතරව මහාවංශය, සීහලවත්ථූපකරණය චූලවංශය වැනි සාහිත්‍ය කෘති මෙන්ම විවිධ රජවරුන් විසින්
පිහිටුවන ලද සෙල්ලිපි, කාසි මෙන්ම
නටඹුන් මඟින් ද අතීත ලංකාවේ වෙළෙඳ කටයුතු පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. මෙම
මූලාශ්‍රවලට අනුව අතීත ලංකාවේ පැවති වෙළෙඳාම ප්‍රධාන වශයෙන්ම ආකාර ද්විත්වයකින් ක්‍රියාත්මක
වූ බව කිව හැකිය. එනම්, අභ්‍යන්තර වෙළඳාම
හා විදේශ වෙළඳාමයි.
Friday, May 1, 2020
Thursday, April 30, 2020
යුරෝපයේ මධ්‍යතන යුගය අඳුරු යුගයක් ද?
යුරෝපීය ඉතිහාසය හැදෑරීමේ දී විද්වතුන් විසින්
යොදා ගනු ලබන ප්‍රධාන යුග බෙදීම් ත්‍රිත්වය වන පැරණි, මධ්‍යතන හා නූතන යන යුගයන් අතුරෙන් දෙවන යුගය වන මධ්‍යතන යුගයේ කාල සීමාව වනුයේ රෝම
අධිරාජ්‍ය බිඳ වැටීම හෙවත් 5වන සියවසේ සිට
කොන්ස්තන්තිනෝපලය තුර්කීන් යටතට පත් වීම සිදු වූ 15වන සියවස දක්වා බව කියවේ. සාම්ප්‍රධායික විද්වත් මතවාදයන්ට අනුව ඔවුන්
විසින් මෙම මධ්‍යතන අවධිය හඳුන්වා ඇත්තේ “යුරෝපයේ රටවල පරිහානිය පිළිබිඹු කළා වු ද, ශිෂ්ටත්වයට වඩා මිලේච්ඡ ලක්ෂණ දෘෂ්‍යමාන කළා වූ ද, බුද්ධි ප්‍රභාවයට වඩා මූඪත්වය හා මමත්වය එළිදරව් කළා වූ
ද යුගයක්” ලෙසින් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. නමුත් මෙම මධ්‍යතන
අවධිය එම විද්වතුන් සඳහන් කළ අයුරෙන්ම යුරෝපයේ පැරණි යුගය හා නූතන යුගය අතර පවතින
කිසිදු වැදගත්කමකින් තොරවූ අවධියක් ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. යුරෝපයේ
දේශපාලන,
ආර්ථික, සමාජ හා සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයකම අතිශය දියුණු වර්ධනාත්මක ලක්ෂණ
පෙන්වන්නා වූ යුගයක් වන නූතන යුගයට පෙර එවැනි අඳුරු ලක්ෂණ සහිත යුගයක් පැවතුණා ද
යන්න සැකයට බඳුන්වන කරුණකි.
පුරාතන ලංකාව දකුණු ඉන්දියාව සමඟ පැවැත්වූ බෞද්ධාගමික සබඳතා
අනුරාධපුර යුගය
පුරාතන ලක්දිව දකුණු ඉන්දීය කලාපය සමඟ පැවැත්වූ සබඳතාවන්
පිළිබඳව හඳුන්වාදීමේ දී පළමු වරට හඳුනාගත හැකි වන්නේ මිහිඳු හිමියන්ගේ
මූලිකත්වයෙන් දකුණු ඉන්දියාවට හා ලක්දිවට බුදු දහම ව්‍යාප්ත වීම බව සඳහන් වේ. ක්‍රි.
පූ තෙවන සියවසේ දී ලක්දිවට බුදු දහම හඳුන්වා දීමට පෙර මිහිඳු හිමියන් දකුණු
ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයේ යෙදී ඇත. අශෝක රජුගේ නව රට ධර්ම දූත සේවය ඔස්සේ චෝළ , පාණ්ඩ්‍ය හා කේරළ දේශයන්ට බුදු දහම රැගෙන ගිය බව ඔහුගේ
සෙල්ලිපිවල සඳහන් වීම නිසාවෙන් මෙසමයේ බුදු දහම දකුණු ඉන්දියාවේ ප්‍රචලිතව තිබූ
ආගමක් වන්න්ට ඇතැයි විශ්වාස කළ හැකිය. එමෙන්ම පසු කාලයේ දී හ්‍යුං සාං නම් චීන
දේශාටක භික්ෂුව ද්‍රවිඩ දේශයේ සංචාරය කරන සමයේ දී මිහිඳු හිමියන්ට තඤජාවූර් අසල
පිහිටුවන ලද සංඝාරාමයක් ද්‍රවිඩ බෞද්ධ පිරිස් විසින් පෙන්වා දුන් බව හ්‍යුං සාං
භික්ෂුව විසින් සිය දේශාටන වාර්තාවේ සඳහන් කොට ඇත. ඒ අනුව ලක්දිවට බුදු දහම ලැබීම
යන සංසිදුවීමත් මිහිඳු හිමි මුල් කොට ගනිමින් දකුණු ඉන්දියාව ඔස්සේ පවත්වා ගනු
ලැබූ බෞද්ධාගම පාදක කොට ගත් ඓතිහාසික සබඳතාවයක ප්‍රථිඵලයක් වශයෙන් උක්ත කරුණු
මඟින් අර්ථ දැක්විය හැකිය.
Tuesday, April 28, 2020
පළමුවන ලෝක යුද්ධයට බලපෑ හේතු
ලෝක ඉතිහාස ගලනයේ සඳහන් වන්නා වූ බොහෝ අඳුරු සහගත අවස්ථා
අතරින් එකක් ලෙස මෙම පළමු ලෝක යුද්ධ මාලාව ද හඳුන්වා දිය හැකිය. ඒ මන්ද යත් බල
තරගයෙන් උද්දාමයට පත් වී, එකිනෙක රටවල්
අතර සැකය හා අවිනිශ්චිතතාව ඇති කර ගනිමින්, අභ්‍යන්තරික වශයෙන් මහා නිහඬතාවයක රජයමින් සිටි යුරෝපා බලවතුන් එක්
සිදුවීමක් අළලා එක් වරම ගැටුමකට ප්‍රවේශ වීම ලෝක ඉතිහාසයේ ඇති වූ වියවුල්කාරී
අඳුරුතම සිදුවීමක් බව පැහැදිලිවන බැවිණි. ඒ අනුව බටහිර
කලාපය තුළ පමණක් නොව සමස්ත ලෝකයේම එතෙක් නොවූ විරූ අන්දමේ දේශපාලන, සමාජ හා ආර්ථික වැනි මූලික සංස්ථාවන් තුළ පූර්ණ
විපරිවර්තන රැසක් ඇති වීමට බලපෑ මෙම පළමු ලෝක යුද්ධ අවස්ථාව ලෝක ඉතිහාස ගලනයේ
හැරවුම් ලක්ෂයක් ලෙසින් හඳුන්වා දීම සාවද්‍ය නොවන බව කිව හැකිය.
Monday, April 27, 2020
යුරෝපා ඉතිහාසය කෙරෙහි ප්‍රංශ විප්ලවයේ බලපෑම
යුරෝපා ඉතිහාසය කෙරෙහි ප්‍රංශ විප්ලවයේ බලපෑම කවරාකාරයෙන්
සිදු වී ඇති ද යන්න පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ප්‍රධානවම අංශ කිහිපයක් යටතේ එම බලපෑම්
පෙන්වා දීමට හැකියාව ලැබේ. ඒවා නම් දේශපාලන බලපෑම, ආර්ථික බලපෑම, සාමාජයීය හා ආගමික බලපෑම වශයෙනි.
ඉන්දු-පකිස්තාන අරගලය ඇති වීමට මුල් වූ පොදු තත්වයන්
1. භාෂා ගැටළුව
ක්‍රි.ව. 1900 පමණ වන විට ඇති වූ මෙම ගැටළුව හින්දි-උර්දු විවාදය ලෙස ද අර්ථ දක්වා ඇත. 1947 පමණ වන විට දී ඉන්දියාවෙන් පකිස්තානය සම්පූර්ණයෙන්ම
වෙන් වන විටත් ඔවුන්ගේ භාෂාව උර්දු භාෂාව විය යුතු බව නිදහස් පකිස්ථානයේ නිර්මාතෘ
වරයා වූ මොහොමඩ් අලි ජින්නා ප්‍රකාශ කොට තිබෙන බව කියවේ. ඒ අනුව උර්දු භාෂාව උත්තර
ප්‍රදේශයේ උසාවි භාෂාව ලෙස භාවිතයට ගැනුණු බවත් අභියාචනා ආදී සෑම ලියවිල්ලක්ම මෙම
භාෂාව ඔස්සේ සකස් කෙරුණු බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ. නමුත් එම කලාපයේ ජීවත් වූ
හින්දු ජනතාව ඊට විරුද්ධ වෙමින් සිය ඉල්ලීම් ඉදිරිපත් කරන්නට වූ බවත්, ඔවුන්ගේ ඉල්ලීම වූයේ තමන් හට ද දේවනාගරී අක්ෂරයෙන්
ලියවුණු හින්දී භාෂාවෙන් උසාවි කටයුතු කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටීම බවත්
කියවේ. ඒ අනුව සියළුම උසාවි නියෝග, නිල ප්‍රකාශන ආදී සෑම රාජ්‍ය ලියවිල්ලක්ම හින්දි හා උර්දු යන භාෂා
ද්විත්වයෙන්ම විය යුතු යැයි ජනතාව විසින් ප්‍රකාශයට පත් කළ බවත් කියවේ. ඒ අනුව රජය
ද ඔවුන්ගේ ඉල්ලීමට අවස්ථාව ලබා දුන් බව සඳහන් වන අතර මුල් අවධියේ දී උර්දු භාෂව
පමණක් යොදා ගත් ලේඛන සඳහා හින්දි භාෂාව යොදා ගැනීම මුස්ලිම්වරුන්ගේ විරෝධයට ලක් වූ
බවත් කියවේ. මෙම හේතු සාධකය පදනම් කොට ගෙන මුස්ලිම් හා හින්දු ජන කොටස් අතර ප්‍රතිවිරුද්ධ
මත ස්ථාපිත වී විවාදාත්මක ගැටළු උද්ගත වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වන අතර මෙම
ගටළුවෙහි උච්චස්ථානය 1952 පමණ සිදු වූ බව
ද එම මූලාශ්‍රයන්හි වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව මෙම භාෂාමය විරෝධතවයන්ට පොලීසිය
විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හමුවේ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වූ බව ද
කියවේ. කෙසේ නමුත් මෙම හින්දු මුස්ලිම් විරෝධය ඉන්දු-පකිස්තාන අරගලය තුළට ද බලපෑ
එක් සාධකයක් වූ බව උක්ත තොරතුරු ඔස්සේ හඳුනා ගත හැකි අතර මෙම සංසිද්ධිය සිදු වූ 1952 පෙබරවාරි මස 21 වන දින වත්මන වන විට යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක මව් භාෂා දිනය ලෙස ද නම්
කර තිබෙන මූලාශ්‍රගත තොරතුරු ඔස්සේ හඳුනාගැනීමේ හැකියාව ඇත.
රජරට සභ්‍යත්ව සමයේ දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති දේශපාලන සබඳතා
1. දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති වූ ආක්‍රමණකාරී
දේශපාලන සබඳතා
දකුණු ඉන්දියනු කලාපය හා ලංකාව මුල් කරගෙන ඇති වූ සබඳතා අතර
දේශපාලනමය වශයෙන් ප්‍රධාන ස්ථනයක් ගනුයේ මෙම ද්විත්ව ප්‍රදේශයන් අතර ඇති වූ ආක්‍රමණකාරී
ක්‍රියාදාමයන් ය. බොහෝ අවස්ථාවන්හී දී දෙපාර්ශවය අතර යුධමය සබඳතා මෙම ආක්‍රමණ
හේතුවෙන් නිර්මාණය වී ඇති ආකාරය මූලාශ්‍ර ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇති අතර කාලය
ගත වත්ම දෙරට අතර ඇති වන ආක්‍රමණ තත්වයන් ඔස්සේ ජනතාව සංක්‍රමණය වීම, යුධ සේනා සංක්‍රමණය වීම, වෙළෙඳුන් සංක්‍රමණය වීම හා වෙනත්
තරාතිරම්වලට අයත් විවිධ පුද්ගලයන්ගේ සංක්‍රමණයන් ඇති වීම ද සිදු වී ඇති බව කියවේ.
ඒ අනුව ක්‍රි.ව. 320-ක්‍රි.ව. 1206 අතර කාල සීමාව තුළ දකුණු ඉන්දියාව හා ලංකාව අතර අතර ඇති වූ ප්‍රධාන ආක්‍රමණ
වර්ග ද්විත්වයක් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එනම්,
- · දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට එල්ල වූ දේශපාලනමය ආක්‍රමණ
- · ලංකාවෙන් දකුණු ඉන්දීය කලාපයට එල්ල වූ දේශපාලනමය ආක්‍රමණ
සුමේරියානු සභ්‍යත්වයේ පැවති සංස්කෘතික තත්වය
මෙසපොතේමියානු සභ්‍යත්වයේ දකුණු කලාපයේ බිහිවුණු උබයිඩ්
අවධියෙන් පසුව තවත් අවධීන් ද්විත්වයක් වූ උරුක් හා ජුම්ඩට් නසාර් යන අවධීන් හඳුනා
ගැනීමට ලැබෙන අතර ඉන් සුමේරියානු සභ්‍යත්වයේ මුල් ඓතිහාසික කාල පරිච්ඡේදය නියෝජනය
කෙරෙන බව කියවේ. ඒ අනුව ක්‍රි.පූ 4000න් පමණ පසුව මෙසපොතේමියාවේ දකුණු දිග භූමියේ සිදුවූ මානව ක්‍රියාකාරම්වල
වර්ධිත තත්වයට "සුමේරියානු සභ්‍යත්වය" නමින් විශේෂිත නාමයක් ලබා දී එය
ඉහත ත්‍රිත්ව අවධීන් ගෙන් වෙන් කොට වැඩි දුර අධ්‍යනයට භාජනය කරනු ලබයි. මෙම සුමේරියානු
හෙවත් සුමේරියන් යන පදය බිහිව ඇත්තේ "සුමේරු" යන පැරණි ආකේඩියානු පදයෙන්
බව විද්වතුන්ගේ මතයයි.ඒ අනුව මෙම කලාපයේ වාසය කළ ජනයා සුමේරියන්වරු වූ නමුත් ඔවුන්
මෙසපොතේමියානු ජනවර්ගයට වෙනස් වූ වෙනත් මානව කණ්ඩායමක් නොවුණු බවත් ඔවුන් සියළු
දෙනාම පොදු භාෂාවක් කතා කළ පොදු සංස්කෘතියක් තිබූ ජන කණ්ඩායම් වූ බවත් සඳහන්
වේ.එබැවින් ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ
මෙසපොතේමියානු කලාපයෙන් ආරම්භ වූ සුමේරියානු සභ්‍යත්වය එතැන් සිට ක්‍රිස්තු පූර්ව 2000 දී බැබිලෝනියානු ශිෂ්ටාචාරය ආරම්භ වන තෙක්ම පැවතිණි.ඒ
අනුව වසර 2000ක පමණ කාල පරිච්ඡේදයක් තුළ
ප්‍රධාන යුග පහකින් සමන්විත වූ සුමේරියානු සභ්‍යත්වය වෙනත් විදේශ සභ්‍යත්වයන්ට
දෙවැනි නොවූ අන්දමේ දේශපාලන ආර්ථිකමය සමාජමය හා විශේෂයෙන් සංස්කෘතිකමය ලක්ෂණ
පෙන්නුම් කරන්න වූ සභ්‍යත්වයක් විය.
මිසර වාසීන් තුළ පැවති මරණය හා මරණින් මතු ආත්මය පිළිබඳව ආකල්ප සංකල්ප මෙන්ම එහි ක්‍රමවේදයන්
ඊජිප්තු ශිෂ්ටාචාරය යනු?
බැබිලෝනියාවේ සිට නයිල් නදී නිම්නය දක්වා වර්ථමාන
සිරියාව හා පලස්තීනය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ ඊජිප්තු කලාපයේ බිහිවූ මානවයා, ඔවුන් හා බැඳි
ක්‍රියාකාරකම් මෙන්ම එම සමාජ ජීවිතයේ විකාශනය පසු කලෙක මහා ශිෂ්ටාචාරයක්
දක්වා වර්ධනය කර ගනු දක්නට ලැබෙන අතර එලෙස බිහිකරගත් මහා ශිෂ්ටාචාරය මිසර හෙවත්
ඊජිප්තු ශිෂ්ටාචාරය නමින් ස්වකීය ගති පැවතුම්වලටම ආවේණික ස්වරූපයකින් සිය කලාපය
තුළම ක්‍රමික ව්‍යාප්තියක් ඇති කරගනු ද දක්නට ලැබේ.මිසර ශිෂ්ටාචාරයත් ගංඟා නිම්න
ශිෂ්ටාචාරයක් වීමට නයිල් නදියේ බලපෑම ලැබුණු අතර නයිල් නදියේ පිහිටීම මෙම
ශිෂ්ටාචාරයේ තිබූ සුවිශේෂීම ලක්ෂණයද විය.ක්‍රි.පූ 5වන සියවසේදී මිසරයට ගිය ග්‍රීක ඉතිහාසඥයෙකු වූ හෙරෝඩෝටස්
මිසරය විස්තර කොට ඇත්තේ "නයිල් නදියේ ත්‍යාගයක්" වශයෙන් බව මූලාශ්‍ර තුළ
සඳහන් වේ. මිසරය සතුව යුග ත්‍රිත්වයක් හඳුනා ගැනීමට හැකි වී ඇති
අතර ඒවා නම් පැරණි රාජධානි යුගය, මධ්‍යතන
රාජ්‍ය යුගය හා නූතන රාජ්‍ය යුගය වශයෙනි. මිසරයේ බොහෝ ප්‍රදේශයන්
කාන්තාර සහිත වන බව භූගෝලීය මූලාශ්‍ර තුළ දැක්වේ.
යුරෝපය මධ්‍යතන යුගයේ සිට නූතන යුගයට අවතීර්ණ වීමේදී යුරෝපයේ ඇතිවූ දේශපාලන පරිවර්තනය
මධ්‍යතන යුගය
යනු?
රෝම
ශිෂ්ටාචාර බිහිවීමෙන් ඇතිවූ පැරණි යුගය බිඳ වැටීමෙන් අනතුරුව යුරෝපයේ බිහිවූ නව
යුගය මධ්‍යතන යුගය හෙවත් වැඩවසම් යුගය යනුවෙන් හඳුන්වනු ලබයි. ක්‍රි.ව පස් වන
සියවසේ සිට පහළොස් වන සියවස දක්වා වූ සමය මෙලෙස මධ්‍යතන යුගය නම් වන අතර මෙලෙස “මධ්‍යතන
යුගය”
(Middle Ages) යන නාමය ප්‍රථමයෙන්ම භාවිතා කොට ඇත්තේ 17 වන සියවසේ යුරෝපයේ බිහිවූ ජාතීන් බව මූලාශ්‍ර තුළ සඳහන් වේ. ඒ
මන්ද යත් පැරණි යුගයත් ඔවුන් ජීවත් වූ නූතන යුගයටත් අතර මැදි වෙනස්ම ලක්ෂණ
පෙන්නුම් කළ නිසා මෙය මධ්‍යතන යුගය ලෙස ඔවුන් නම් කරන්නට ඇති බව සිතිය හැකිය. මධ්‍යතන
යුගයත් නැවත කොටස් තුනකට වෙන් කර දක්වමින් සඳහන් කොට ඇති අතර ඒවා නම්,
· ප්‍රාථමික මධ්‍යතන අවධිය - ග්‍රීක රෝම අධිරාජ්‍ය බිඳ
වැටීමෙන් පසුව 11
වන සියවස
දක්වා වූ කාලය.
· උච්ච මධ්‍යතන යුගය - 11 වන සියවසේ සිට 13 වන සියවස දක්වා වූ කාලය.
· පශ්චාද් මධ්‍යතන යුගය - ක්‍රමයෙන් පරිහානිය උදා කල 13 වන
සියවසේ සිට 15 වන
සියවස දක්වා කාලය.
රොබට් නොක්ස්ගේ කෘතියේ අන්තර්ගත එවකට ලංකාවේ පැවති දේශපාලන,ආර්ථික සමජ හා ආගමික තත්වය
රොබට් නොක්ස්ගේ සිරගත දිවිය
මධ්‍යධරණී සමූද්‍රයේ වෙළඳාමෙහි නියුතු වූ වෙළෙඳ නැවක අණ
දෙන නිලධාරියෙකුට හා භක්තිමත් එංගලන්ත කාන්තාවකට දාව වර්ෂ 1641 පෙබරවාරි මස 08 වන දින උපන් රොබට් නොක්ස් නම් දරුවා කුඩා කළ පටන්ම සිය මවගේ ගුරුහරුකම්
අනුව හැදී වැඩුණු බව කියවේ. ලන්ඩන් නගරය තුළ සාමාන්‍ය දිවියක් ගත කළ මොවුන් පසුව
සරේ ද්‍රිස්ත්‍රික්කයේ විම්බල්ඩන් ග්‍රාමය සිය ස්ථාවර වාසස්ථානය කර ගත් බවත්, එසමයේ කුඩා නොක්ස් ජේම්ස් ෆ්ලිම්වුඩ් නම් පූජකවරයෙකු
යටතේ අකුරු කළ බවත් සඳහන් වේ. කුඩා නොක්ස් හට වයස දහ හතරක් සම්පූර්ණ වූ සමයක ඔහුට
ද සිය පියා මෙන් නැවියෙකු වීමට ආශාවක් ඇති වූ බවත් ඒ සඳහා ඔහුගේ පියාගේ මිතුරන්
පිරිසකගේ ද සහාය ලබුණු බවත් කියවේ. ඒ අනුව වර්ෂ 1655 දෙසැම්බර් මස 07 වන දින
නැගෙනහිර ඉන්දියා දූපත් බලා සිය පියාගේ නායකත්වයෙන් යුතු නෞකාවක නැඟී කණිෂ්ඨ රොබට්
නොක්ස් ද සිය නාවුක දිවිය ආරම්භ කළ බව සඳහන් වේ.
මෙසමය වන විට නැගෙනහිර ඉන්දියා වෙළෙඳ එකතුවේ බලය පිරිහී
තිබුණු බැවින් මොවුන් නිදහස් වෙළෙඳ කණ්ඩායමක් ලෙස වෙළඳාමේ යෙදුණු බව සඳහන් කරන අතර
පසුව ඔලිවර් ක්‍රොම්වෙල් විසින් ඉන්දියානු වෙළෙඳ සමාගම බලයේ පිහිටුවීම හේතුවෙන්
ඉන්දියාව හා එංගලන්තය අතර ගණුදෙණු සිදු කරන්නා වූ ඉන්දියානු වෙළෙඳ සමාගමට අයත්
නාවිකයන් ලෙස රොබට් නොක්ස් පිය පුතු දෙදෙන ඇතුළු නැව් කණ්ඩායම හැඳින්වූ බව කියවේ.
මහාතිත්ථ වරායේ වැදගත්කම
මාන්තායි වරාය පිළිබඳ හැඳින්වීම
ඉන්දියානු සාගර කලාපයේ ඉතා ම වැදගත් භූමිකාවක් හෙබ වූ, එමෙන්ම ලක් ඉතිහාසයේ කැපී පෙනෙන ඓතිහාසික සිදුවීම් රැසකට
පාත්‍ර වූ නාවුක තොටක්, වෙළෙඳ මධ්‍යස්ථානයක්
මෙන් ම පරිපාලන කේන්ද්‍රස්ථානයක් ද ලෙස මාන්තායි වරාය හඳුන්වනු ලබයි. මෙය උත්තර
දේශය නම් වූ අනුරාධපුරයෙන් උතුරෙහි පිහිටා තිබූ බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන්
වන බව කියවේ. සිංහල සහිත්‍යයෙහි හා ශිලා ලෙඛනයන්හි මෙම වරාය මහාතිත්ථ, මහවොට්, මහපුටු, මහවුටු, මහවතුතොට, මහ පටුන හා මාතොට යන
නාමයන්ගෙන් හඳුන්වා ඇත. ක්‍රි.ව 2 වන සියවසේ දි ටොලමි නම් වූ විදේශික භූගෝලීය ශාස්ත්‍රඥයා
සිය සිතියමෙහි මෙම මහාතිත්ථය මොදොස්තු යන නාමයෙන් හඳුන්වා ඇති බව කියවේ. වත්මනෙහි
මෙම වරාය හා එම කලාපය මන්නාරම යන නාමයෙන් හඳුන්වනු ලැබේ. පැරණි ශ්‍රී
ලංකාවේ වරායන් අතර ප්‍රමුඛතම වරායක් ලෙසින් මාතොට හඳුන්වන අතර මෙය අන්තර්ජාතික
වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ද ක්‍රියා
කළ බව මහාතිත්ථය සම්බන්ධ කොට සිදු කරනු
ලැබූ පුරාවිද්‍යාත්මක කැනීම් ඔස්සේ මෙන්ම ලිඛිත මූලාශ්‍ර ඔස්සේ ද හඳුනා ගැනීමේ
හැකියාව පවතී.
1857 සිපොයි භට කැරැල්ලෙන් උද්ගත වූ ප්‍රතිඵල
1857 කැරැල්ල ජාතික නිදහස දිනාගනු වස් කරන ලද සටනක් වූ අතර එය ඇතැම් උගතුන්ට අනුව ජාතික ව්‍යාපාරයක පෙර නිමිත්තක් ද විය. ඉන්දියානුවන්ට නිසි පරිදි නොසලකන්නේ නම් මතු දිනෙක බ්‍රිතාන්‍යන්ට අත්විය හැකි ඉරණමක පෙර නිමිත්තක් මෙම 1857 කැරැල්ල ඔස්සේ පෙන්නුම් කළ බව එම උගතුන් වැඩි දුරටත් සිය මතයන් ඔස්සේ දක්වා ඇත. කෙසේ නමුත් මෙම සටන අවසානයේ දී ඉන්දියානුවන් පරාජයට පත් වීමත් බ්‍රිතාන්‍යයෝ නැවත සිය බලය තහවුරු කර ගැනීමත් සිදු විය. ඉන්දියානුවන්ට සිය කැරැල්ලේ මූලික අරමුණ වූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීම ඉටු කර ගැනීමට අපොහොසත් වූවත් එම කරැල්ලෙන් අත් කරගත් අතුරු ප්‍රතිඵල රාශියක් වූ බව කියවේ. 19 වන සියවසේ විසූ උගත් හා පළපුරුදු ආංගල ඉන්දියනු පරිපාලකයෙකු වූ සර් ලේපල් ග්‍රිපින් 1857 කැරැල්ලේ ප්‍රතිඵල පිළිබඳව මෙසේ සිය අදහස ඉදිරිපත් කොට ඇත.
1857 සිපොයි භට කැරැල්ලට බලපෑ මූලික හේතු සාධක
හමුදා භටයින් විසින් යම් යම් හේතූන් මත ඇති කරනු ලැබූ
කැරළි බ්‍රිතාන්‍ය ඉන්දියාවට එතරම් දුලබ දසුනක් නොවුණු බව සමාගම් ඉතිහාසය පිළිබඳව
හදාරන විට දී පෙනී යන කරුණකි. නමුත් 1857 වසරේ දී සිපොයි බටයින්ගේ කැරැල්ලක් ලෙසින් ඇරඹුණු කැරැල්ල නම් එලෙස බටයින්
විසින් ඇති කරනු ලැබූ සාමාන්‍ය ආකාරයේ කැරැල්ලක් නොවන බව කිව හැකි වන්නේ එය ජාතික
නිදහස සඳහා වූ අරගලයක් ලෙස පසුව ඉතා වේගයෙන් ඉන්දියානු ප්‍රදේශ පුරා ව්‍යාප්ත වූ
බැවිනි. කෙසේ නමුත් මෙය ඉන්දියාව අධිරාජ්‍යවාදීන්ට එරෙහිව එක්සත් වූ පළමු අවස්ථාව
ලෙසත් ඇතැම් විද්වතුන් හඳුන්වා දෙනු ලබන අතර බ්‍රිතාන්‍ය සමාගමට විරුද්ධව ඇතිවූ
හමුදා කැරැල්ලක් ලෙස මෙම 1857 කැරැල්ල සරලවම
අර්ථ දැක්විය හැකිය.
Sunday, April 26, 2020
අනුරාධපුර අවසානය දක්වා ශ්‍රී ලංකාවේ වාරි කටයුතුවල හා වාරි තාක්ෂණයේ පැවති විශේෂ ලක්ෂණ
පුරාණ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියේ ඉතා වැදගත්
තැනක් ජල සම්පත් පාලනය සඳහා යොමු වී තිබිණි. ඒ මන්ද ආර්යන් මෙරට ජනාවාස පිහිටුවා
ගැනීමත් සමඟ ඇති වූ ඔවුන්ගේ ජන ව්‍යාප්තියත් වගා කටයුතුත් හේතුවෙන් ඔවුන් සතු වූ
ජල සම්පත් වල මද බව තුළින් විකල්ප විසඳුම් සොයා යෑමට ඔවුන්ට සිදු විය. ඒ හේතුවෙන්
ඔවුන්ගෙන් පැවතගෙන එන පරම්පරා විසින් ස්වභාවික සම්පත් අතර සීමිත සම්පතක් හා අළුත්
කළ හැකි මෙන්ම නැවත පරිහරණය කළ හැකි සම්පතක් වූ ජලය ක්‍රමවත් පරිපාලනයකට ලක් කොට
දිගු කලීන වශයෙන් පරිහරණය කිරීමේ ක්‍රමවේදයන් සොයා ගත්හ. අතීත ලංකික ආර්ථිකය
මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික පදනමකට යටත්ව තිබුණෙන් ආර්ථික ස්ථාවරත්වය සඳහා
සැළසුම් සහගත ලෙස ජල පරිබෝජනය අත්‍යවශ්‍ය කරුණක් විය. එබැවින් ඔවුන් විසින් ලෝකයේ
කිසිදු රටකට නො දෙවෙනි තාක්ෂණයෙකින් හෙබි පරිපූර්ණ වාරි ක්‍රමවේදයක් මෙරට තුළ
ටිකෙන් ටික ස්ථාපිත කරවීය. ඒ ඔස්සේ රජරට ශිෂ්ඨාචාර සමයේ වඩාත් කැපී පෙනෙන්නාවූ
අගනුවර වූ අනුරාධපුරය ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවූ ලංකික වාරි කටයුතු හා වාරි
තාක්ෂණයේ සුවිශේෂී වූ සිදුවීම් හා ලක්ෂණ පහත විස්තර තුළින් අවධානයට ලක් කිරීම මෙහි
අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ අවසානය දක්වා ශ්‍රී ලාංකීය ආර්ථික ක්‍රියාවලියට පාලකයන්ගෙන් ලැබුණු අනුග්‍රහය
ක්‍රි.පූ 6 වන සියවසේ සිංහල ජාතියේ උපත සිදු වූ බව පැවසූවත් ඊට පෙර අවධියක සිටම
ලක්දිව ජනාවාස වී පැවති බව තහවුරු කෙරෙන්නා වූ පුරාවිදු සාධක වත්මනෙහි හමුවී ඇත. කෙසේ
නමුත් මහාවංශ විස්තරයේ සඳහන් අන්දමට විජයාවතරණය සමඟ මෙරට ඇතිවූ ජනාවාස ව්‍යාප්තිය
ඔස්සේ අනුරාධපුර අගනගරය බිහිවූ අයුරුත්, පණ්ඩුකාභය රජු එහි මුල් පාලකයා වූ අයුරුත්, එතැන් සිට අනුරාධපුර යුගයේ විකාශනයත් මහාවංශ කතුවර මහානාම හිමියන් විස්තර
කොට ඇත. මෙරට පාලක පක්ෂය යනු කිසියම් කාලයක් රට පාලනය කරා වූ එරටේ ජනතාවගේ ප්‍රථම
පුරවැසියා හෙවත් ජනතා
නියෝජිතයා වූ රාජකීයන්ගෙන් සැදුම්ලත් රාජ පරම්පරාවයි. ලාංකීය වැඩවසම් ක්‍රමය ඔස්සේ පරම්පරානුගතව රජකම ද පැවත ආ බව මූලාශ්‍රවල දැක්වෙන අතර අනුරාධපුර යුගයේ අවසානය දක්වා මෙරට විසූ පාලක පක්ෂයේ අනුග්‍රහයෙන් මෙරට ඇති වූ ආර්ථික ක්‍රියාවලියේ සුවිශේෂී සංධිස්ථාන පහතින් විස්තර කෙරේ. අනුරාධපුර යුගයේ ලංකික ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම පැවතියේ කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය, වෙළඳාම හා රැකියා ක්‍රම,වාරි කර්මාන්තය හා බදු වර්ග ,ඉඩම් භුක්තිය හා බදු වර්ග ආදී වශයෙනි. මන්ද යත් ආර්යයන් මෙරට ජනපද පිහිටුවා ගත් සමයේ ලැබී ඇති පුරාවිදු සාධකවලට අනුව ඔවුන් සිය මව් රටින් රැගෙන ආ ආර්ථික රටාවම මෙරට පවත්වාගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති නිසාවෙනි. ඒ අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ කෘෂිකර්මාන්තයයි.
නියෝජිතයා වූ රාජකීයන්ගෙන් සැදුම්ලත් රාජ පරම්පරාවයි. ලාංකීය වැඩවසම් ක්‍රමය ඔස්සේ පරම්පරානුගතව රජකම ද පැවත ආ බව මූලාශ්‍රවල දැක්වෙන අතර අනුරාධපුර යුගයේ අවසානය දක්වා මෙරට විසූ පාලක පක්ෂයේ අනුග්‍රහයෙන් මෙරට ඇති වූ ආර්ථික ක්‍රියාවලියේ සුවිශේෂී සංධිස්ථාන පහතින් විස්තර කෙරේ. අනුරාධපුර යුගයේ ලංකික ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම පැවතියේ කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය, වෙළඳාම හා රැකියා ක්‍රම,වාරි කර්මාන්තය හා බදු වර්ග ,ඉඩම් භුක්තිය හා බදු වර්ග ආදී වශයෙනි. මන්ද යත් ආර්යයන් මෙරට ජනපද පිහිටුවා ගත් සමයේ ලැබී ඇති පුරාවිදු සාධකවලට අනුව ඔවුන් සිය මව් රටින් රැගෙන ආ ආර්ථික රටාවම මෙරට පවත්වාගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති නිසාවෙනි. ඒ අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ කෘෂිකර්මාන්තයයි.
ලාංකිකයන් ලෙස දේශීයත්වයක් වර්ධනය කරලීම උදෙසා ඉන්දීය සාධකය සුවිශේෂිත සාධකයක් වූ ආකාරය
ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති වර්ග
කි.මී. 65 610 ක භූමි ප්‍රදේශයකින් යුක්ත ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඇති විශාලතම
දූපත ලෙස වර්ථමානයේ හඳුන්වනු ලබයි.එලෙසම ලංකාවට සමීපව එහෙත් ඉන් වෙන්ව උතුරු
දෙසින් පිහිටා ඇති අර්ධද්වීපික රාඡ්‍ය ඉන්දියාවයි.ඈත අතීතය ගත්කල මෙම රටවල් දෙකම
එකම රටක් ලෙස ගොඩබිමින් බැඳී පවතින්නට ඇතැයිද මතයක් පවතී.දැනුදු දෙරටවල් එකිනෙකින්
වෙන් වන්නේ කිලෝමීටර් 32 වැනි සුළු භූමි
ප්‍රමාණයකිනි.කෙසේ නමුත් බොහෝ උගතුන්ගේ මතයට අනුව ප්‍රෞඪ ඉතිහාසයක් හිමි
ලංකාද්වීපයේ ගොඩනැගීම උදෙසා අසැල්වැසි ඉන්දියානු රාජ්‍යෙන් ද විශාල දායකත්වයක්
දැකිය හැක.මන්ද ලංකාවේ ජනාවාස පිහිටුවීමේ සිට රාජ්‍යත්වය ලබා ගැනීම තෙක්ම ඔවුන්ගේ
බලපෑම දක්නට ඇති බැවිණි.ලංකාව අසල්වැසි රාඡ්‍ය වීමත් එමනිසා පහසුවෙන් යටත් කර
ගැනීමට හැකි වීමත් මෙයට හේතු වන්නට ඇතැයි සිතිය හැක.එලෙසම සමහර මූලාශ්‍ර තුළ
ලක්දිව භාරතයේ ප්‍රාන්තයක් ලෙස සළකා එහි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගය වන ක්‍රි.ව 1505 තෙක් අවධිය "දඹදිව යුගය" ලෙස හඳුන්වා ඇති
බවටත් තොරතුරු ඇති නමුත් අපේම අනන්‍යතාවයක් ගොඩනංවා ගැනීමටත් ඒ තුළින් ඡාතියක් ලෙස
වර්ධනය වීමටත් ලාංකිකයන්ට අවස්ථාවක් ලැබී ඇත. එබැවින් පොදු වශයෙන් ගත්කල කිව
හැක්කේ ලාංකික යන දේශීයත්වය ඇතිකර ගැනීම පිණිස ලංකාවට ලැබුණු ඉන්දියානු මැදිහත්වීම
විවිධ අංශ තුළින් සුවිශේෂී කොට ගත හැකි බවයි.