ඊජිප්තු ශිෂ්ටාචාරය යනු?
බැබිලෝනියාවේ සිට නයිල් නදී නිම්නය දක්වා වර්ථමාන
සිරියාව හා පලස්තීනය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ ඊජිප්තු කලාපයේ බිහිවූ මානවයා, ඔවුන් හා බැඳි
ක්‍රියාකාරකම් මෙන්ම එම සමාජ ජීවිතයේ විකාශනය පසු කලෙක මහා ශිෂ්ටාචාරයක්
දක්වා වර්ධනය කර ගනු දක්නට ලැබෙන අතර එලෙස බිහිකරගත් මහා ශිෂ්ටාචාරය මිසර හෙවත්
ඊජිප්තු ශිෂ්ටාචාරය නමින් ස්වකීය ගති පැවතුම්වලටම ආවේණික ස්වරූපයකින් සිය කලාපය
තුළම ක්‍රමික ව්‍යාප්තියක් ඇති කරගනු ද දක්නට ලැබේ.මිසර ශිෂ්ටාචාරයත් ගංඟා නිම්න
ශිෂ්ටාචාරයක් වීමට නයිල් නදියේ බලපෑම ලැබුණු අතර නයිල් නදියේ පිහිටීම මෙම
ශිෂ්ටාචාරයේ තිබූ සුවිශේෂීම ලක්ෂණයද විය.ක්‍රි.පූ 5වන සියවසේදී මිසරයට ගිය ග්‍රීක ඉතිහාසඥයෙකු වූ හෙරෝඩෝටස්
මිසරය විස්තර කොට ඇත්තේ "නයිල් නදියේ ත්‍යාගයක්" වශයෙන් බව මූලාශ්‍ර තුළ
සඳහන් වේ. මිසරය සතුව යුග ත්‍රිත්වයක් හඳුනා ගැනීමට හැකි වී ඇති
අතර ඒවා නම් පැරණි රාජධානි යුගය, මධ්‍යතන
රාජ්‍ය යුගය හා නූතන රාජ්‍ය යුගය වශයෙනි. මිසරයේ බොහෝ ප්‍රදේශයන්
කාන්තාර සහිත වන බව භූගෝලීය මූලාශ්‍ර තුළ දැක්වේ.
අතීත ඊජිප්තු සභ්‍යත්වයට ඉහළ හා පහළ මිසරය නමින් කොටස්
දෙකක් අයත්ව තිබූ බව කියවෙන අතර කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් වශයෙන් මිසරය ලොව අනෙක්
සභ්‍යත්වයන් අභිබවා ගිය බවද සඳහන් වේ.නයිල් නදිය හේතුවෙන් නැගෙනහිර හා බටහිර
පිහිටි කාන්තාර බොහෝ විට ආවරණය වූ බවත්,දකුණින් වූ ජල මාර්ගවලින් වෙන් කෙරුණු නිසාත්,උතුරින් මධ්‍යධරණී සාගරයෙන් වෙන් වන නිසාත් මිසරයට එලෙස
සාරවත් කෘෂි දිවියක පදනම වැටෙන්නට ඇති බව කිව හැකිය.මෙහි තිබූ ස්ථාවර දේශපලන තත්වය
නිසාම ඔවුන් කෘෂිකර්මයට අමතරව දුරස්ථ වෙළඳාම ආදිය වෙනත් කලාපයන් සමඟ සිදු කළ බවට
සාධක ඇති අතර ශක්තිමත් පරිපාලනය ශක්තිමත්
ආර්ථිකයකට හේතුවක් වූ බව මිසරය හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය මූලාශ්‍ර
තොරතුරුවලින් හඳුනා ගත හැකිය. රටේ පවතින ස්ථාවර තත්වයට වගකිවයුතු වූ ඔවුන්ගේ පාලකයා හෙවත් පාරාවෝ රජු
ද බෙහෙවින් බලසම්පන්න සුවිශේෂී පුද්ගලයෙකු වශයෙන් හැඳින්වූ බව කියවේ. මුල් මිසර
සමයේ ජනයා අතර ඒකීය රජෙක් නොමැති වූ නමුත් පසුව දිව්‍යමය රාජ්‍යත්වය යන සංකල්පය
මිසරයේ ව්‍යාප්ත වූ ආකාරය මූලාශ්‍ර තුළ සඳහන් වේ. ඊජිප්තු සභ්‍යත්වය සතුව ඉතා වටිනා කලාවන් හා සාහිත්‍ය කටයුතු තිබී ඇති අතර
ඒ සියල්ලම හැඩගැසී තිබුණේ නයිල් නදියේ චර්යාව පදනම් කරගෙන බව කියවේ.ආවේණික වාරි ක්‍රම, වාස්තු විද්‍යාතම අංගයන්,ලිවීමේ
ක්‍රමවේදයක් ආදිය ඔවුන් සතු වූ අතර ඒව මෙසපොතේමියානු සභ්‍යත්වයේ හා නුබියාවේ පෝෂණය
ලබා ගත් දෑ වූවත් මිසරයටම ආවේණික ශෛලියක් ඔස්සේ වර්ධනය කරගෙන ඇති බව විද්වතුන්ගේ
මතයයි. ශිෂ්ටාචාරයකට තිබිය යුතු අංග ලක්ෂණ සියල්ලක්ම මැනවින් පූර්ණ කළ මෙම සමාජ
කණඩායම සතුව විවිධාකාර ගති පැවතුම්ද තිබී ඇති බව විද්වතුන් විසින් සිදු කළ ගවේෂණ
හා කැණීම් මඟින් සොයාගෙන ඇත.
මිසර වාසීන් තුළ පැවති මරණය හා මරණින් මතු ආත්මය පිළිබඳව
ආකල්ප සංකල්ප මෙන්ම එහි ක්‍රමවේදයන්
1. පුරාණ රාජධානි සමයේ ඇතිවූ මස්ටබා මිහිදන් ක්‍රමය
මස්ටබා යනුවෙන් හඳුන්වා ඇත්තේ රජවරුන් හා රදළයින් වැනි
පිරිස් විසින් සිය මිනීවලවල් අව්ව වැස්ස හා සුළං වැනි තත්වවලිනාරක්ෂා කර ගැනීම උදෙසා
සකස් කරන ලද මතුපිට අව් රශ්මියෙන් වියළා ගන්නා ලද මැටි ගඩොලින් සැදූ නිර්මාණයක්
විය.මස්ටබා යන පදය "බංකුව" යන අරාබි අර්ථය දක්වන අතර මෙම නිර්මාණය
බංකුවකට සමාන වීම හේතුවෙන් එසේ හඳුන්වන්නට ඇතැයි කිව හැකිය.ඉතාම පැරණි මස්ටබාව ඉහළ
හා පහළ මිසරයේ දෙවන රජු වූ "හොර් අහා ෆේරෝ" ගේ සමයට අයත් යැයි කියවේ. එය
පොළොව මට්ටමට පහළින් ලී මඟින් සෘජුකෝණාශ්‍රව සකස් කරන ලද කාමර පහක් සහිත නොගැඹුරු
වළක් වන බවත් එහි මැද කාමරයේ ලී පෙට්ටියකින් තැනූ මිනී පෙට්ටිය තුළ මිනිස් සිරුර තිබෙන්නට ඇති බවත් යාබද කාමරවල
මිය ගිය අය වැඩියෙන්ම භාවිතා කල හා ඇසුරු කළ දේ තබන්නට ඇති බවත් විශ්වාස කෙරේ. එම
කාමර තුළ මිදි පැණි භරණි, ආහාර බඳුන්, දඩයම් සඳහා මෙවලම්, ඔරු හා පාරු, ආදිය තැන්පත් කර
තිබුණු බැව් කියවෙන අතර මෙම මස්ටබා බොහෝවිට රාජකීය මලිගා හා කුලීන නිවාසවල අනුරූ
විය.මියගියවුන්ට බාධාවකින් තොරව ද්‍රව්‍ය හරහා ගමන් කිරීමට හැකි බව ඇදහූ ඔව්හු
ඇතැම් විට ගෘහපතියාගේ සොහොන වටකොට ඔහුගේ සේවක පිරිසගේ ද සිරුරු කුඩා මස්ටබා සාදා
තැන්පත් කොට ඇත.
මුල් කාලීන රාජවංශවල දී මස්ටබා කාමර 5කින් පමණ වූවත් 6 වෙනි රාජවංශය පමණ වන විට එය 30කට වඩා වැඩි වනු දක්නට ලැබේ.විශේෂ ගල් හා වෙනත් අමුද්‍රව්‍ය යොදා අලංකාරව
මස්ටබා නිර්මාණය වැඩි වූ අතර මිය ගිය තැනැත්තාඒ ජීවිතයේ විශේෂ සිදු වීම ඒ මත
සිතුවම් කිරීමද සිදු විය.මෙලෙස මස්ටබා නිර්මාණය කරමින් මළවුන් හට පසු ආතමයේදී සැප
බලා දීමට කටයුතු කළ මිසර වාසීන් එය සිය සභ්‍යත්වය තුළ මරණින් මතු ආතමය පිළිබඳව ඇති
සංකල්පයක් වශයෙන්ද භාවිතා කළ බව කිව හැකිය.මන්ද යත් පසු කාලීන කැණීම් ඔස්සේ මෙවැනි
මස්ටබා විශාල ප්‍රමාණයක් හා ඒවා තුළ තැන්පත් කරන ලද සිරුරු සොයා ගැනීමෙන් මෙය මරණය
හා සම්බන්ධ සංකල්පයක් බව පැහැදිලි වූ අතර මෙම මස්ටබා ක්‍රමවේදය අධ්‍යනය කිරීමෙන්
පෙනී යන අනෙක් කරුණ වන්නේ එය ඊජිප්තු සංස්කෘතිය තුළ තිබූ මරණින් මතු ආත්මය පිළිබඳ
සංකල්පය ඉහළට ඔසවා තබන්නක් බවයි.
2. පිරමීඩ යුගයේ ආරම්භය හා විකාශනය
පිරමීඩයේ ආරම්භය සිදුවන්නේ ඊජිප්තුවේ තෙවෙනි රාජවංශයේ
සිට සයවෙනි රාජවංශය දක්වා පාලනයේ යෙදුනු රජවරුන් හා රැජිනියන්ගේ සොහොන්වල මතුපිට
තලය පිරමීඩාකාර ආකාරයෙන් නිර්මාණය කිරීම හේතුවෙනි.පසුව මෙලෙස සොහොනේ මතුපිට
පිරමීඩාකාර කිරීම වෙනුවට පිරමීඩයක් තුළ සොහොන නිර්මාණය කිරීමට හුරු වූ අතර එය
මුල්ම වතාවට මරණය සඳහා පිරමීඩ සංකල්පය භාවිතා කළ අවස්ථාව වන්නට තැයි සිතිය
හැක.මෙලෙස සොයා ගත් පිරමීඩ 80ක් පමණ වත්මනෙහි
ඇති බව මූලාශ්‍ර ගත තොරතුරුවල එයි.විශාල ගල් කුට්ටි, වැලි ආදී අමුද්‍රව්‍ය මඟින් මෙම පිරමීඩ නිර්මාණය කර ඇති අතර ඇතැම් පාලකයන්ට
අයත් පිරමීඩ මස්ටබාවක් මත ඉදිකරන ලද ඒවා බව සොයා ගෙන ඇත. එයට නිදසුන් ලෙස
"සෝසර්" හෙවත් "ඩ්ජෝසර්" රජුගේ සිරුර තැන්පත් කල මස්ටාබාවට
ඉහතින් තට්ටු පිරමීඩයක් සකස් කොට ඇති අතර උගතුන්ගේ මතයට අනුව නම් එය මස්ටබාවක් හා
පිරමීඩයක් අතර මැදි නිර්මාණයකි. මෙම පිරමීඩයට දොරටු 14ක් තිබූ නමුත් සත්‍ය වන්නේ ඉන් එක් දොරටුවක් පමණක් බව
කියවෙන අතර එහි තිබූ සිදුරු දෙකකින් වෙනත් අයට පිරමීඩය ඇතුළත තිබූ එම රජුගේ ප්‍රතිමාවක්
නැරඹීමට අවස්ථාව ලබා දී තිබූ බවත් කියවේ.
මිසර පාලකයෙකුගේ සිරුරක් තැන්පත් කිරීමට සෑදූ පිරමීඩයක්
අසල විවිධ වර්ගයේ වෙනත් නිර්මාණද ඉදි කරනු මෙසමයේ දක්නට ලැබෙන බව පුරාවිද්‍යා
කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයන් දකවා ඇත.ඒ අනුව විශාල කුලුණු සහිත් ශාලාවන්, විශාල පිළිම, කැටයම්, කිරිගරුඬ,සර්පන්ටයින් ආදී ගල් මඟින් සාදන ලද භාජන ආදිය මෙලෙස
පිරමීඩ අසලින් සොයා ගෙන ඇති ආකාරයෙන් මළ ගිය තැනැත්තා හා සමීප ද්‍රව්‍ය පසු
ආත්මයක් භාවිතයට ගනු පිණිස මෙලෙස වළදමන්නට ඇතැයි සිතිය හැකිය.එය ඔවුන්ගේ මරණින්
මතු ආත්මය පිළිබඳව ඇති තවත් එක් සංකල්පයක් ලෙස ද මෙම කරුණු විස්තර කිරීම තුළින්
පැවසිය හැකිය.
බොහෝමයක් පිරමීඩ පූර්ණ වශයෙන් නිම කරන ලද ඒවා වුවද
කලබලයෙන් හා අපරික්ෂාකාරී අන්දමින් නිම කරන ලද පිරමිඩ ද මිසර සභ්‍යත්වයේ ශේෂව
පවතී.ඒ අනුව "ඩහ්ෂුවර්" හි ඇති නැමිණු පිරමීඩය මෙයට නිදසුන් වන අතර ශ්‍රීමත් ජේ.ගර්ඩ් විල්කින්ස් ගේ අදහසට අනුව මෙය
නොසැළකිළිමත් ලෙස කලබලයෙන් නිම කරන ලද සොහොන් කොතක් හෙවත් පිරමීඩයකි.එසේ වීමට හේතුව
මෙතෙක් අභිරහසක් වන බව ද සඳහන්ය. දැනට සොයාගෙන ඇති විශාලතම පිරමීඩය ගීසා හි මහා පිර්මීඩය
වන අතර එයට ටොන් 2 සිට 15 දක්වා බරැති ගල් කුට්ටි විශාල ප්‍රමාණයක් යොදා ගෙන ඇති
බව කියවේ.මෙම පිරමීඩය මිසර වාස්තු විද්‍යාවේ හා ගෘහ නිර්මාණ ශිල්පයේ ශක්‍යතාව
මැනවින් විදහා දක්වන්නක් වන අතර එයින් පසු ගීසා ආකෘතියටම සකස් කල තවත් පිරමීඩ
ගණනාවක්ම මිසරය තුළින් සොයා ගෙන ඇත.විවිධ පාලකයින් සිය බිසව නැතිනම් දරුවන් උදෙසා
හෝ පූජකයන් උදෙසා ද සිය පිරමීඩය අසලින්ම තවත් කුඩා පිරමීඩ ඉදිකිරීම මෙකල සිදු වී
ඇති තවත් වෙනස්කමකි.ඒ අනුව මෙම සියළුම පිරමීඩ හා ඒවායේ නිධන් කළ සිරුර ඇතුළු වෙනත්
වස්තූන් දෙස බැලූ කළ ගම්‍ය වන මිසර වැසියන්ගේ මූලික ආකල්ප හා සංකල්ප වන්නේ පිරමීඩය
ඔවුන් භාවිතා කොට ඇත්තේ බොහෝ අවස්ථාවලදී පාලකයන්ගේ හා රදළ පන්තියේ තැනැත්තන්ගේ
සිරුරු මතු ජීවිතය උදෙසා රැක ගැනීමට බවත්, ඔවුන් සිරුර සමගම ඔවුන් භාවිතා කළ විශේෂිත ද්‍රව්‍යන් සියල්ලක්ම පිරමීඩය
තුළ නිධන් කළ බවත්,සොහොන් සඳහා
අධිපති දෙවියන් හෙවත් හිරු දෙවියන් පිරමීඩ
හා එහි නිධන් වූ සිරුර ආරක්ෂා කොට එය මතු ආත්මය දක්වා රැක ගන්න බවත් ඔවුන්ගේ මූලික
ආකල්ප වූ බවයි.ඒ හේතුවෙන්ම පිරමීඩය යන සංකල්පය මිසරය හා එහි ආගමික සමාජ පද්ධතිය
ආරම්භයේ සිට මරණින් මතු ආත්මය පිළිබඳව වූ සංකල්පයක් වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වන්නට
ඇතැයි මෙම සියළු කරුණු අධ්‍යනය කිරීමෙන් හඳුනා ගත හැකිය.
3. ගලින් නෙලන ලද සොහොන් යුගයේ ආරම්භය
මිසර වාසීන් විසින් පිරමීඩවල සිරුරු භූගත කිරීම අත් හැර
ඒවා කඳු ප්‍රපාතයන්හි කපා ඒ තුළ තැන්පත් කිරීම මෙම ගලින් කපන ලද සොහොන්වල ආරම්භය
වන අතර නිධන් සොරුන්ගෙන සිරුරු හා වටිනා වස්තූන් ආරක්ෂා කර ගැනීමත් මෙලෙස සිදු
කිරීමට එක් හේතුවක් විය.එබැවින් "රජවරුන්ගේ නිම්නය"නමින් කඳු නිම්නයක්
තෝරා ගත් මිසර වාසින් එහි සිය පාලකයන්ගේ සිරුරු තැන්පත් කල අතර මෙයද එකළ ඊජිප්තුවේ
තිබූ තවත් එක් මරනය හා බැඳි සංකල්පයක් වන්නට ඇතැයි විශ්වාස කල හැකිය.ඒ අනුව මෙම
ගලින් කපන ලද සොහොන් තුළ වූ කුඩා කුටි කිහිපයක්, විශාල කුළුණු සහිත ශාලාවන්, ගල් සොහොන් ආදිය පොදු ලක්ෂයන් වූ අතර මෙම පූර්ණ ඉදිකිරීමේම ස්වරූපය දැවැන්ත
බිංගෙයක් ආකාරයෙන් බාහිරින් දිස්වේ.
මුල් කාලීනව පාලකයන්ගේ සිරුරු හා වෙනත් වටිනා වස්තූන්ගේ
රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණ වූවත් 18 හා 19 වන සියවස් වන
විට සඟවා තැබීමේ උත්සහය අත්හැර දැමූ බව කියවේ. සොහොන් හඳුනාගත හැකි පරිදි මාර්ග
කපා සෝපාන පථයන් සකස් කොට කැටයම් කපා අසංඛ්‍ය රූප හා චිත්‍ර ඒ මත සිතුවම් කළ බව
සඳහන් වේ.
4. විවිධ මිත්‍යා විශ්වාස හා බැඳි ආකල්ප
මිසර වාසීන්ගේ ඇදහීමට ලක් වූ විවිධ ආගම් අතර දැකිය හැකි
ප්‍රධාන ලක්ෂණයක් ලෙස "සදාකාලික පැවැත්ම පිළිබඳව වූ විශ්වාසය" යන
සංකල්පය කැපී පෙනේ.මේ පිළිබඳව ඉතා පැහැදිලි සාහිත්‍යමය සාධක නොමැති වූවත් මිසර
රාජවංශ සියල්ලේම ක්‍රියා කලාපය මෙම සදාකාලික පැවැත්ම මත ගොඩනංවා තිබූ බවට උගතුන්
හඳුනා ගෙන ඇත.මිය ගිය ආත්මයට භූත බලයක් ආරෝපණය කොට ඉන් අනතුරුව එය හා සම්භාෂණයේ
යෙදීමට උත්සහ කිරීම ආදිය මෙසමයේ මිසර වාසීන් අතර ප්‍රචලිතව පැවැත ඇත. "ඛා
ආත්මය" හේවත් අත් දෙක ඔසවාගෙන සිටින් රුවලක් සහිත මිනිසෙකුගේ හිසක් හා උඩුකය
දක්වන ප්‍රතිමාව මෙම භූත ආත්ම නියෝජනය කළ අතර එම ඛා ආත්මය වෙන් වූ පූජකවරු ද සිට
ඇත.ඔවුන් ආත්මයට ආහාර ඇතුළු වෙනත් පිදීම් ලබා දීම නිරන්තරයෙන් සිදි කළ බව කියවේ.සමාජයේ
වැදගත් පුද්ගලයෙකු මිය ගිය විට පරලොව යන භූත ආත්මය මෙලෙස “ඛා” යනුවෙන් දක්වා
ඇති අතර ළැම පෙදෙසින් පිහාටුවක් එල්ලෙන පාත්තයකුගේ හියරොග්ලිෆික් අකෂරයකින් එය
දැක්වේ.ඛා හට ශරීරයක් තිබූ අතර මිනිස් හිසක් සහිත උකුස්සෙකුගේ රූපයෙන්ද ඔහුව
සිතුව කොට තිබෙනු දක්නට ලැබේ.තමන් කැමැති
හැඩයක් ද ගත හැකි වූ ඛා අමරණීයතවයේ සංකේතය ලෙසටද ඇතැමුන් හඳුන්වා දෙයි.
මිසරයේ පැවති තවත් එක් මිත්‍යා විශ්වාසයක් ලෙස මිනිසෙකුට
"බායිබිට්" නම් සෙවණැල්ලක් තිබෙන බවත් කියවේ. නමුත් මින් අදහස් කළේ
කුමක්ද යන්න හඳුනා ගැනීමට අපහසු වී ඇති බව විද්වතුන් පවසා ඇත. මිනිසෙකුට සදාකාලිකව
හිමිවූ තවත් දෙයක් වූයේ "බූ"
නම් වූ ස්පර්ශ කළ නොහැකි ශරීරය වටා කාන්දමක් ලෙස පැවැති රැස් වළල්ලයි. එය ඔස්සේ
ආත්මය දෙවියන් සමඟ සම්බන්ධ වන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර අවසාන වශයෙන් මළගිය
තැනැත්තාට වූ බලය "සෙබෙම්" වශයෙන් ද හඳුන්වා තිබූ බව මූලාශ්‍ර තුළ සඳහන්
වේ.මෙම සියළුම තොතුරු එකට කැටිකොට ගත් විට මිසර විශ්වාසයන්ට අනුව මිනිසෙකු
නිර්මාණය වී ඇත්තේ කායික ශරීරයකින්, ආධ්‍යාත්මික ශරීරයකින් (ඛා), ආත්මීය සෙවණැල්ලකින් (බායිබිට්), ස්පර්ශ කළ නොහැකි වැස්මකින් (බූ) හා ජීවන ශක්තියකින් ය. (සෙබෙම්).
මළවුන්ගේ පොතෙහි ද සඳහන් වන "හදවත කිරා බැලීම"
මිසරයේ තිබූ තවත් එක් මිත්‍යා සංකල්පයක් වේ. අනුබිස්, ඔසිරිස්, ටොට්, සිවල් ආදී දෙවිවරුන් සමඟ සිදු
කරන්නා වූ මෙම ගණුදෙණුව ඔස්සේ යම් කිසිවෙකු ජීවත්ව සිටින සමයේ බොරු කීවේ නම්, පව් කළේ නම් ඔහුගේ හදවත සත්‍ය පිහාටුවලට වඩා බර වැඩි වන
බවත් එසේ වූයේ නම් එය එම ආතමයේ සදාකාලික දිවියේ අවසානය වන බවත් මළවුන්ගේ ග්‍රන්ථයේ
වැඩි දුරටත් සඳහන් කොට ඇත.ඒ අනුව මෙම මිත්‍යා විශ්වාස හා බැඳි සංකල්ප අධ්‍යනය
කිරීමේදී ඒවා ද එවකට මිසරයේ තිබූ මරණින් මතු ආත්මය යන ප්‍රධාන සංකල්පයට නිදසුන්
ලෙස දැක්විය හැකි බව පැහැදිලි ලෙස කිව හැකිය.
5. මමී නිර්මාණ ක්‍රමවේදය
මිසරයේ තුළ පැවති සිරුරු කල් තබා ගැනීමේ ක්‍රමවේදය
පිළිබඳව මහාචාර්ය මර්ලින් පීරිස් මහතා දක්වන අදහස ඔහු සිය "පැරණි මිසරය"
නම් ග්‍රන්ථයේ මෙසේ දක්වා ඇත.
"ප්‍රාග් රාජවන්ශික හා ආදිකාලීන රාජවංශික මිහිදන් කිරීම් වලදී මෘත ශරීරය
වැල්ලේ නොගැඹුරු වළක තැන්පත් කරන ලදී.එහි ප්‍රතිඵලය වූයේ විජලනයයි.කාන්තාරයේ පවතින
තාපය හා ආර්ද්‍රතා මට්ටම නිසා කුණු වීම වළකමින් වැලි මිනී වළක් තුළ මෘත ශරීරය
සුරක්ෂිත විය.ශරීරයේ අමරණීයත්වයක් පෙන්වන මෙම ස්වභාවය, ආත්මයේ මරණීයත්වය පිළිබඳව සංකල්පය ප්‍රථමයෙන් බිහිවීමට
හේතුව වන්නට ඇතැයි ආචාර්ය එලියට් හා වොරන් අර්. ඩෝසන් යන දෙදෙනා තුළ මතයක් පහළ
විය.එය පෞරාණික මිසරය තුළ සැබවින්ම බිහිකළ දෙය නම් ආත්මයට ලෞකික අමරණීයත්වය ලබා
ගැනීම සඳහා ශරීරය අවශ්‍ය වන්නේය යන හැඟීමයි."
සිරුර තන්පත් කොට මස්ටබාවක් හෝ පිරමීඩයක් පමණක් ඉදි
කිරීම තුළින් සිරුර ඊළඟ ආත්මය දක්වා කල් තබා ගත් නොහැකි බව දනගත් මිසර වාසීන් පසුව
මෘත ශරීර ක්‍රමවත් සංරක්ෂණයට හෙවත් මමිගත කිරීමට යොමු විණි.මිසරයේ ආගම් හා
මතවාදයන්ට අනුව මමි ගත කිරීමේ කාර්ය කරනු ලබන දෙවියා වන්නේ සිවල් දෙවි අනුබිස් ය. ඔවුන්
එය හුවා දක්වන්නේ "අමරණීයත්වය පිරිනමන්නාවූ ප්‍රතිකර්මය" වශයෙන් බව
කියවේ.
මෙම මමිගත කිරීම් බොහෝ විට සිදු කොට ඇත්තේ රාජකීයයන්
සඳහා වන නමුත් ක්‍රමයෙන් මෙය ජනප්‍රිය වත්ම එහි වියදම දරා ගත හැකි කුලීනයන්ද මෙම
මමිගතකරණය සිදු කොට ඇත. හෙරෝඩෝටස් විසින් දක්වා ඇති පරිදි එසමයේ මමි ගත කිරීම සඳහා
ක්‍රමවේද තුනක් භාවිතා කොට ඇත.මමි සඳහා බෙහෙත් ආදිය සකස් කරමින් එය කිරීම විශේෂිත
කාර්යක් වූ අතර එය පූජකයන්ට හා එම චාරිත්‍ර හා ක්‍රමවේද කෙරෙහි නිපුණවූවන්ට පමණක්
සීමා විය.පාලකයෙකු හෝ කුලීනයෙකු මිය ගිය පසු මමි ගත කොට එය පිරමීඩයක් තුළ තැන්පත්
කිරීම දක්වා සිදු කරන්නා වූ පූර්න ක්‍රියාවලියම මෙයාකාරයෙන් සාරාංශ කල හැකිය. මේ
තොරතුරු මිසර මමිගතකරණයන් පිළිබඳව හෙරෝඩෝටස් විසින් සඳහන් කොට තිබූ තොරතුරු වන අතර
ඒවා නම්,
- · වැදගත් මිනිසෙකු මිය ගිය පසු ඔහුගේ ගැහැණු උදවිය මඩ තවරා ගෙන විලාප නඟමින් වීදි සංචාරය කිරීම.
- · දෙවනුව සිරුර අවමංගල්‍ය කටයුතු සඳහා භාරදීම හා ඔවුන් කොක්කක් මාර්ගයෙන් මොළය උද්ධරණය කිරීමත් පසුව හෘදය වස්තුව හා පෙනහැල්ල ඉතිරි කොට අනෙක් සියළු ඉන්ද්‍රියන් ඉවත් කිරිම.
- · උදර කුහරය පාම් සුරා මඟින් ශුද්ධ කොට මාර්, කැසියා, ලී කුඩු පොදි ආදියෙන් පිරවීම සිදු ඉරීම.
- · ඉන් පසු දින 70ක් පමණ නේට්‍රන් දියරයේ බහා තබා පසුව මළසිරුර වියළා මැහුම් දැමීම.
- ·
ඉන් අනතුරුව යටි
පැත්තේ මැලියම් ආලේප කරන ලද ලිනන් තීරු මඟින් මෘත ශරීරය වෙළීමට ලක් කිරීම.
- ·
මෙසේ වෙළීමේදි
යාතිකා ඇතුළත් සුර හා තඹ පත් ද සහිතව එතීමත් ඉන් අනතුරුව විශාල ලී පෙට්ටියක හෝ ගල්
සොහොනක මෙම මමිය තැන්පත් කිරීමත් සිදු කිරීම.
- · සිරුර තැන්පත් කිරීමෙන් පසු අවමංගල්‍ය භාණ්ඩ ද සියල්ලක්ම භාවිතා කිරීමට හැකිවන පරිදි තබන අතර "මුඛය විවෘත කිරීමේ " උත්සවයේදී මමිය මිනී ගෙට හෙවත් සොහොන් ගැබට ගෙන යනු ලැබේ.
- · ඉවත දමන ලද බඩවැල් හා අනෙකුත් ඉන්ද්‍රියන් මිදි සුරාවලින් ධෝවනය කොට නේට්‍රන් දියරය මඟින් වියළා වඳුරු, සිවල්, උකුසු හා මිනිස් සිරස් යන දෙවිවරින් සතර දෙනාගේ ආරක්ෂාව යටතේ පූකුරු 4ක බහා එයද සොහොන් ගැබ තුළ තැන්පත් කරනු ලැබේ.
මෙම ක්‍රියාවලිය මූලික වශයෙන් මමියක් නිර්මාණය
කර ගැනීම සඳහා මිසර ජාතිකයින් විසින් සිදු කළ ක්‍රමවේදය වන අතර තවත් යම් යම් ක්‍රම එක් කරමින් හා ඉවත් කරමින් ද ඔවුන් විසින් මෙම
මමිගතකරණය යන ක්‍රියාදාමය මිසර සභ්‍යත්වය තුළ සිදුකරනු ලැබුවේ මරණින් මතු ආත්මය
ඉදිරියට පවත්වා ගැනීම සඳහා වූ තවත් එක් සංකල්පයක් වශයෙන් යැයි මෙම කරුණු සියල්ලක්ම
අධ්‍යනය කිරීම මඟින් පැහැදිලි කරගත හැකිය.
6. අවමංගල්‍ය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර
අවමංගල්‍ය හා බැඳුණු චිත්‍ර කර්මය
ලෝකයේ වෙනත් සභ්‍යත්වයන්හි චිත්‍ර කලාවන් මෙන් නොව මිසර
චිත්‍ර කලාව මිසරයටම ආවේණික හැඩ මතු කරන කලාවක් ලෙස හඳුන්වයි. නමුත් එහි මුල්
සමයන්හී දී තිබූ ලෞකික විනෝදාස්වාදය උලුප්පා දක්වන සිතුවම් වෙනුවට දොළොස්වන ශත
වර්ෂයේ අග භාගයේ පමණ සිට අවමංගල්‍ය චාරිත්‍ර විධි හා මළවුන්ගේ මරණින් පසු
අද්දැකීම් මතු කෙරෙනා චිත්‍ර කලාවක් මිසරය තුළ ව්‍යාප්ත වූ බවට සාධක පවතී.එම චිත්‍ර
අතර ජනප්‍රිය තලයේ පැවැති සිතුවම් ද්විත්වය වූයේ "මුඛය විවෘත කිරීම" හා
"ඔරිසෙස් දෙවියන් අභියස දෙනු ලබන ආත්මයේ විනිශ්චය හා පාතාලයේ ගමන" යන
චිත්‍ර බවට විද්වතුන් විශ්වාස කරනු ලබයි. මෙලෙස මළවුන් හා ඔවුන්ගේ මරණින් මතු
ආත්මය යන අදහස රැගැත් සිතුවම් පිරමීඩ හෝ සොහොන් ගෙවල් තුළ අඳිනු ලැබූ බවටත් සාධක
පුරාවිදු කැණීම් මඟින් මිසර භූමියෙන් සොයා ගෙන ඇත.එබැවින් පුරාවිද්‍යාත්මක හා
සාහිත්‍ය යන මූලාශ්‍ර දෙවර්ගයම පදනම් කොටගෙන විද්වතුන් පවසා ඇත්තේ මෙම අවමංගල්‍ය
සිතුවම් කලාවේ අරමුණ ද මිසරයේ පැවති
මරණින් මතු ආත්මය යන සංකල්පය සමඟ බැඳී පවතින්නට ඇතැයි විශ්වාස කල හැකි බවයි.
අවමංගල්‍ය සාහිත්‍ය හෙවත් පිරමීඩ පුස්තක
පිරමීඩ පුස්තක මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ රජ පවුලේ
සාමාජිකයන් සඳහා බව කියවේ.රජ පවුලේ කෙනෙකු මිය ගිය පසු කළ යුතු වත් පිළිවෙත්, චාරිත විධි ආධිය මෙහි ඇතුළත්ව තිබී ඇති අතර මිනී පෙට්ටි
පුස්තක නම් ග්‍රන්ථයන් රජ පවුලට පමණක් නොව වෙනත් විශිෂ්ට පුද්ගලයින් මිය ගිය පසුව
ද ලබා ගැනීමේ හැකියාව තිබුණු බව කියවේ.මෙම ග්‍රන්ථ මිනිසෙකු මිය ගිය පසු ඔහුගේ
ආත්මයට මුහුණ පාන්නට වන සිදුවීම් හා අභියෝගයන් විස්තර කරමින් රචනා වී ඇති බව
කියවෙන අතර ඒ තුළ වැඩි දුරටත් මළවුන්ගේ දේශයේ
භූමි විස්තරයක් ද සඳහන්ව ඇති බව කියවේ.මෙම පුස්තක මිසර පාරාවෝ පාලකයන්ගේ
සොහොන් තුළින් සොයා ගෙන ඇති අතර විශාල වශයෙන් මරණය, හිරුත් සමඟ ආත්මය ගමන් කිරීම, නව ලොවකට ඇතුළු වීම ආදී මරණය හා ආත්මය සම්භන්ද කරුණු සඳහන් කර ඇත. එනිසාම
මෙම පුස්තක වර්ගයත් මිසරයේ පැවැති මරණයෙන් පසු ආත්මය යන සංකල්පයට නිදසුනක් ලෙස
පෙන්වා දිය හැකි බව ඉහත තොරතුරු අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වේ.
අවමංගල්‍ය චාරිත්‍ර හා බැඳුණු පිරමීඩ පාඨයන්
මිසර විශ්වාසය අනුව යාඥාවකදී හෝ මන්ත්‍රයකදී මතුරන ඕනෑම
වචනයක බලය ඉතා වැඩි බවත් ඉන් අරමුණු කරගන්නා වූ අභිමතාර්ථය නිසැකයෙන්ම ඉටුවන බවටත්
ඔවුන් පිළිගෙන ඇත. පූජකයන් විසින් නිසියාකාරව චාරිත්‍ර විධි ඉටුකළේ නම් ඉන් අදහස්
කළ දේ මිය ගිය පුද්ගලයාට නිසැකයෙන්ම බලපාන බවට ඇති විශ්වාසය නිසාම ඔවුන් සිරුරක්
මිහිදන් කළ කුටියේ උතුරු බිත්තියේ පිරමීඩ පාඨ කටයම් කළ බව දැක්වේ.මරණින් පසු පූර්ණ
ප්‍රීතිමත් දිවියක් ලබා ගැනීම සඳහා මෙසේ පාථයන් ලෙස එම ඉල්ලිම් පිරමීඩ බිත්තියේ
කැටයම් කළ මිසර වාසීන් දෛනිකව පූජකයන් ලවා ඒවා මන්ත්‍ර ලෙස මතුරා ගත් බවත් කියවේ. ඉන්
මියගිය ආත්මයේ සුඛය වැඩවීම ඔවුන්ගේ මූලිකම අභිලාෂය වූ බව කිව හැකි අතර මෙයද මිසරයේ
පැවැති මරණින් මතු ආත්මය පිළිබඳව වූ සංකල්පයන් අතරින් එකක් බව ඉහත කරුණු විමසීමේදී
හඳුනා ගත හැකිය.
👍
ReplyDeleteInteresting 👍
ReplyDelete